එළැඹෙන සැප්තැම්බර් 07 වන ඉරිදා ඉතාලියේ වෙසෙන ඔබට රතු පැහැයට දිස්වන සඳක් දැකගත හැකි බව රෝමයේ සහ පැලර්මෝ හි ජාතික තාරකා භෞතික විද්‍යා ආයතනය පවසනවා.
මෙසේ සිදුවන්නේ පුර්ණ චන්ද්‍රග්‍රහණයක් හේතුවෙන් පෘතුවියේ හෙවනැල්ල සඳ මතට වැටීම හේතුවෙන් ඇතිවන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් හේතුවෙන්.
ඒ අනුව එදින සවස් කාලයේ අග භාගයේදී අර්ධ ඡායා අවධිය සවස 5:30 ට පමණ ආරම්භ වන අතර අර්ධ ග්‍රහණය පැයකට පසුව ආරම්භ වනවා.
සවස 7:30 ට පමණ, සම්පූර්ණත්වය එහි උච්චතම අවස්ථාවට පැමිණෙන අතර, පැයක් පමණ චන්ද්‍රයා තද රතු පැහැයෙන් දිලිසෙමින් අද්විතීය දර්ශනයක් නිර්මාණය කිරීමට නියමිතයි.
රාත්‍රී 8:10 ට පමණ එහි වඩාත් උච්චතම අවස්ථාවට පැමිණ චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම අඳුරු වනවා.
රාත්‍රී 11:00 වන විට ග්‍රහණය ක්‍රමයෙන් අවසන් වන අතර, අපගේ පෘථිවියේ සෙවනැල්ලෙන් පිටව යනු ඇති.