Latest News

වයස අවුරුදු 14 න් පහළ පාපන්දු තරගයකින් පසු ගැටුමක් – දරුවෙක් රෝහල්ගත කරයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතාලියේ, ටියුරින් නගරයෙන් පිටත පැවති වයස අවුරුදු 14 න් පහළ පාපන්දු තරගයකින් පසු ගැටුමක් ඇති වී තිබෙනවා.

ගෝල් රකින්නෙකු වන දරුවාට ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ දෙමාපියෙකු විසින් පහර දීම හේතුවෙන් රෝහලට ඇතුළත් කරන ලද අතර, එහිදී එම දරුවාගේ මැලියෝලස් (වළලුකර අස්ථිය) අස්ථි බිඳීමක් වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන තිබෙනවා.

තරගයෙන් පසු, ඇති වූ ගැටුමේ දී අදාළ ක්‍රීඩකයා වෙත ළඟා වී, ඔහුගේ මුහුණට පහර දී, ඔහු බිම සිටියදී පවා ඔහුට පහර දුන් බවයි සිද්ධිය ඇසින් දුටුවන් මාධ්‍ය වෙත පැවසුවේ.

හඳුනාගත් පුද්ගලයා කණ්ඩායම් දෙකේම නිලධාරීන් විසින් රඳවාගෙන තිබුණා.

World News

Send your contact Details Today