රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් වන්දි ගෙවීමට සිදු වන බව කියමින් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි තර්ජනාත්මක ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයෙන් යුක්‍රේනයේ බලශක්ති කලාප ගණනාවකට දැඩි හානි සිදුවී ඇති අතර ගෘහස්ථ සහ ව්‍යාපාරික ස්ථාන 60,000කට ආසන්න ගණනකට විදුලි බලය අහිමි වූ බවයි වාර්තා වන්නේ.
යුක්‍රේනයේ ආරක්ෂාව සඳහා අවශ්‍ය මෙහෙයුම් දිගටම කරගෙන යන බවත් නව ප්‍රහාරද සැලසුම් කරන බවත් යුක්‍රේන ජනාධිපති සිය “X” ගිණුමෙයි පළ කර තිබෙනවා.
යුක්‍රේනයේ විශාලතම පුද්ගලික බලශක්ති සමාගම D TEK සඳහන් කළේ, ඩ්‍රෝන හතරකින් ඔඩේසා කලාපයේ බලශක්ති මධ්‍යස්ථාන කිහිපයකට පහර දී ඇති බවයි.
නිවාස සහ රාජයේ කාර්යාල ගොඩනැගිලි කිහිපයකටත් හානි සිදුවූ අතර, එක් පුද්ගලයෙක් තුවාල ලබා ාති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.