නේපල්ස් අසල අධික භූ කම්පන කලාපයක් වන ඉතාලියේ කැම්පි ෆ්ලෙග්‍රෙයි, සඳුදා අලුයම 4.0 ක ප්‍රබල භූමිකම්පාවකින් සෙලවී ගියා.
ඒ වසර 40 කට පසු එම ප්‍රදේශයට බලපෑ ප්‍රබලතම භූමිකම්පාවෙන් මාස දෙකකට පසුවයි.
භූමිකම්පාව අලුයම 04.55 ට පොසුඕලි අසල කිලෝමීටර් 0.3 ක් පමණ නොගැඹුරු, ගැඹුරකදී සිදු වූ බවයි ඉතාලියේ භූ භෞතික විද්‍යාව සහ ගිනි කඳු විද්‍යා ආයතනය (INGV) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
ඉරිදා පස්වරුවේ කැම්පි ෆ්ලෙග්‍රෙයි ප්‍රදේශයේ ආරම්භ වූ කම්පන මාලාවක ප්‍රබලම භූමිකම්පාව මෙය වූ අතර, පොසුඕලි හි 16.10 සහ 16.36 ට 3.3 ක ප්‍රබල භූමිකම්පා දෙකක් ද වාර්තා වුණා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එම ප්‍රදේශයේ අවම වශයෙන් සුළු කම්පන 14ක් වාර්තා වී ඇති අතර, ඒ අතරට 12.33 සහ 01.29 ට ඇති වූ රික්ටර් මාපක 2.8 ක කම්පන දෙකක් ද ඇතුළත් වන අතර, එහි කේන්ද්‍රස්ථානය පොසුඕලි අසල බවයි වාර්තා වන්නේ.
