ඉතාලියේ ඉහළ නර්වියා නිම්නයේ කැස්ටල් විටෝරියෝ නගර ශාලාවේ වහලයෙන් වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ එහි පිරිසිඳු කටයුතු කරමින් සිටි 57 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.
ග්‍රිෆෝ ගුවන් ගිලන් රථයට ද අනතුරු ඇඟවූ නමුත් අවාසනාවකට මෙන් එය පැමිණෙන විට සේවකයා මියගොස් තිබුණා.
අනතුර සම්බන්ධව පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා.
මේ අතර රැකියා ස්ථාන අනතුරු රක්ෂණ ඒජන්සිය වන INAIL මෑතකදී පැවසුවේ වසරේ පළමු කාර්තුවේදී රැකියා ආශ්‍රිත මරණ 8.37% කින් 205 දක්වා ඉහළ ගොස් ඇති බවයි.