Latest News

රෝමයේ විනෝද උද්‍යානයක රෝලර් කෝස්ටරයක තාක්ෂණික දෝෂයක් නිසා සිදු වූ දේ

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ්‍රහස්පතින්දා (28) පස්වරුවේ රෝමයේ සිනෙසිටා වර්ල්ඩ් විනෝද උද්‍යානයේ රෝලර් කෝස්ටරයක සිරවී සිටි ළමුන් හතර දෙනෙකු ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු ඉතාලි ගිනි නිවන භටයින් බේරා ගෙන තිබෙනවා.

මෙම කණ්ඩායම පැයක් පමණ බිම සිට මීටර් 20 ක් උසින් රෝලර් කෝස්ටරයක සිරවී සිටි අතර, පසුව ගිනි නිවන රථයකින් දිගු කළ හැකි ඉණිමඟක් හරහා ගිනි නිවන භටයින් විසින් බේරා ගත්තා.

තාක්ෂණික දෝෂයක් නිසා සිදු වූ බවට විශ්වාස කෙරෙන මෙම සිද්ධියෙන් කිසිවෙකුට තුවාල සිදු වුණේ නැහැ.

රෝමයට දකුණින් පිහිටා ඇති හෙක්ටයාර 25 ක සිනෙසිටා වර්ල්ඩ් තේමා උද්‍යානයේ අධි තාක්‍ෂණික ආකර්ෂණීය ස්ථාන, සැබෑ සහ අතථ්‍ය රෝලර් කෝස්ටර්, ජලජ සංදර්ශන සහ සිනමාත්මක විශේෂ ප්‍රයෝග සඳහා කැප වූ අවකාශයන් තිබෙනවා.

World News

Send your contact Details Today