Latest News

තම පුතුගේ උපත දැනුම්දීමට ඉතාලි මන්ත්‍රීවරියක් සම්ප්‍රදාය බිඳියි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උතුරු ඉතාලියේ, පාදුවා නගරයේ මන්ත්‍රීවරියක් තම ළදරු පුතුගේ උපත නිවේදනය කිරීමෙන් පසු ඇගේ කාර්යාල දොරට දේදුනු රිබන් සවි කර තිබෙනවා .

මෙසේ ඉතාලියේ දෙමව්පියන්ගේ නිවසේ හෝ සේවා ස්ථානයේ දොරට ෆියෝචි (Bow) සවි කිරීමෙන් ළදරුවන්ගේ උපත නිවේදනය කිරීම සම්ප්‍රදායික දෙයක් වනවා.

ඒ අනුව පිරිමි ළමයෙකු සඳහා නිල් ෆියෝකෝ (Bow) එකක්, ගැහැණු ළමයෙකු සඳහා රෝස ෆියෝකෝ (Bow) එකක් යොදාගනු ලබනවා.

කෙසේවෙතත් සමාජ සුභසාධනය සඳහා පාදුවා නගර මන්ත්‍රීවරියක් සහ මධ්‍යම-වමේ පාර්ටිටෝ ඩිමොක්‍රටිකෝ (PD) පක්ෂයේ සාමාජිකාවක් වන මාගරිටා කොලනෙලෝ සම්ප්‍රදාය බිඳ දමා නිල් ෆියෝචි (Bow) එක වෙනුවට දේදුනු රිබන් සවි කිරීමෙන් තම අලුත උපන් පුතු පිළිගැනීමට තෝරාගෙන තිබෙනවා.

“ඔයා ලෝකෙට ආවම, මම ඔයාට රෝස පාට හෝ නිල් පාට පීත්ත පටියක් දෙන්නේ නෑ, නමුත් දේදුන්නක්ම දෙනවා. මොකද හැම පාටක්ම ලස්සනයි. ඊට පස්සේ ඔයා තීරණය කරන්න. ඔයාට ධෛර්යය ලබා ගන්න මම උදව් කරන්නම්, මොකද ඔයාට ඒක තියෙනවා නම්, ඔයා ලෝකය කළු සුදු පාටින් නෙවෙයි, දහසක් සුන්දරත්වයෙන් දකිනු ඇත.” ලෙසයි ඇය පවසා ඇත්තේ.

World News

Send your contact Details Today