Latest News

රෝමයේ උද්‍යානයකදී 60 හැවිරිදි ඉතාලි කාන්තාවක් දූෂණයට ලක්වෙයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රෝමයේ නැගෙනහිර තදාසන්න ප්‍රදේශයේ උද්‍යානයකදී ඉරිදා අලුයම තම බල්ලා සමඟ ඇවිදිමින් සිටියදී 60 හැවිරිදි ඉතාලි කාන්තාවක් දූෂණය කර ඇගේ දුරකථනය සොරකම් කර තිබෙනවා.

ඒ අනුව ඇලෙස්සැන්ඩ්‍රිනෝ දිස්ත්‍රික්කයේ ටෝර් ට්‍රේ ටෙස්ටේ උද්‍යානයේ 06.00 ට ටික වේලාවකට පසු සිදු වූ බවට වාර්තා වන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බවයි පොලීසිය පවසන්නේ.

අදාළ කාන්තාවට අතවර කළ පුද්ගලයා සොයා ගැනීම සඳහා කැරබිනියරි පොලිසිය විසින් ප්‍රදේශයේ CCTV දර්ශන අධ්‍යයනය කරමින් සිටින බව සඳහන්.

සැකකරු උද්‍යානයට නිතර පැමිණෙන බොහෝ නිවාස නොමැති පුද්ගලයින්ගෙන් කෙනෙකු බවට සැක කරන අතර, සොරකම් කරන ලද දුරකථනයේ මාර්ගය (Location Tracking) නිරීක්ෂණය කිරීමෙන් ඔහු සොයා ගැනීමට විමර්ශකයින් උත්සාහ කරන බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today