ගිම්හාන නිවාඩුවෙන් පසු සැප්තැම්බර් 08 සහ 16 අතර දිනවල ඉතාලියේ පාසල් නැවත විවෘත කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.
කෙසේවෙතත් විවෘත කිරීමේ දිනයන් කලාපයෙන් කලාපයට වෙනස් වන බවයි ඔවුන් පවසන්නේ.
එමෙන්ම රට පුරා පාසල් නැවත විවෘත වන විට, නව නීති කිහිපයක් ක්‍රියාත්මක කිරීමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ,
ඒ සඳහා ඉතාලියේ සිසුන් මිලියන හතකට පමණ මුහුණ දීමට සූදානම් වන ලෙසයි දැනුම් දී ඇත්තේ.
ඒ තුළ ඇතුළත් සුවිශේෂතම නීතිය වන්නේ පාසල් කාලය තුළ දී ශිෂ්‍යයන්ට පනවා ඇති දුරකථන තහනමයි.
ඉතාලියේ අධ්‍යාපන අමාත්‍ය ගුසෙප් වැල්ඩිටාරා ජුනි මාසයේදී ප්‍රාථමික, මධ්‍යම සහ උසස් පාසල්වල සියලුම සිසුන්ට ජංගම දුරකථන තහනම් කළා.
ඒ අනුව මෙම සැප්තැම්බර් මාසයේ නව පාසල් වර්ෂය ආරම්භයේ සිට එම තහනම බලපැවැත්වෙනවා.
අවධානය වෙනතකට යොමු කිරීම අඩු කිරීම සහ අධ්‍යයන අවධානය වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති මෙම පියවරට අනුව, පන්ති කාලය සහ පාසල් වේලාවන් තුළ තමන්ට වෙන් කර ඇති කුටි තුළ එම දුරකථන ගබඩා කිරීමට කටයුතු කළ යුතුයි.
වඩාත් සාම්ප්‍රදායික ඉගෙනුම් ද්‍රව්‍ය වෙත නැවත පැමිණීම ද මෙම පියවරේ අරමුණයි.