යුරෝපයේ ඔක්ටෝබර්ෆෙස්ට් උත්සවයට සමගාමීව විශේෂ ‘බියර් දුම්රිය’ සේවාවක් දියත් කිරීමට ඉතාලිය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව මෙම වසරේ 200 වන ඔක්ටෝබර්ෆෙස්ට් උත්සවයට පෙර නිවේදනය කර ඇත්තේ බියර් ප්‍රිය කරන සති අන්ත ලෝලීන්ට යුරෝපය පුරා යාමට උපකාර කිරීම සඳහා විශේෂ නව දුම්රියක් සකස් කරන බවයි.
මියුනිච් එක්ස්ප්‍රස් ලෙස නම් කර ඇති මෙම දුම්රිය, අඛණ්ඩව සති අන්ත දෙකක දී රේල්බුක් හරහා වෙන්කරවා ගත හැකියි.
එමෙන්ම වෙරෝනා, ට්‍රෙන්ටෝ, බොල්සානෝ, බ්‍රෙසානෝන්, ෆෝටෙසා, විපිටෙනෝ, කොලේ ඉසාර්කෝ සහ බ්‍රෙනෙරෝ ඇතුළු අනෙකුත් ඉතාලි නැවතුම් වලින් ද වෙන්කරවා ගත හැකියි.
ඒ සැප්තැම්බර් 26 සහ ඔක්තෝබර් 03 දක්වා වන කාලය සඳහායි.
ඒ අනුව සැප්තැම්බර් 07 වන දිනට පෙර වෙන්කරවා ගත් ටිකට්පත් යුරෝ 99 (£85.81) සිට ආරම්භ වනවා.
නව රාත්‍රී දුම්රිය රෝමයේ සිට මියුනිච් දක්වා සිකුරාදා සවස ධාවනය වන අතර, ටර්මිනි දුම්රිය ස්ථානයෙන් පිටත් වී නැවත පැමිණෙනු ඇති.
මෙම වසරේ ඔක්ටෝබර්ෆෙස්ට් උත්සවය සැප්තැම්බර් 20 වන සෙනසුරාදා සිට ඔක්තෝබර් 5 වන ඉරිදා දක්වා පැවැත්වෙනවා.