Netflix හි ඉතා ජනප්‍රිය “Emily in Paris” නම් වැඩසටහනේ පස්වන කතාමාලාවේ රූගත කිරීම් අතරතුර, එහි වැඩ කරමින් සිටි පුද්ගලයෙකුට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා.
එම පුද්ගලයා 47 හැවිරිදි Diego Borella ලෙස සඳහන් වන අතර ඔහු වැඩසටහනේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ බවයි වාර්තා වන්නේ.
අදාළ රූගත කිරීම සිදුවෙමින් තිබූ ඩැනියෙලි හෝටලයට වෛද්‍යවරුන් කැඳවනු ලැබුවද, ඔහුව බේරා ගැනීමට නොහැකි වූ බව සඳහන් වනවා.
Netflix සඳහා වැඩසටහන නිෂ්පාදනය කරන Paramount Television Studios හි ප්‍රකාශකයෙක් BBC ප්‍රවෘත්ති වෙත පවසා ඇත්තේ “‘Emily in Paris’ නිෂ්පාදන පවුලේ සාමාජිකයෙකුගේ හදිසි අභාවය පිළිබඳව අතිශයින් කණගාටු වන බවයි.
ඔහුගේ මරණයෙන් පසු “Emily in Paris” රූගත කිරීම් තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වන්නේ.