ලෝකප්‍රකට ගායිකාවක වන මැඩෝනා තම 67 වන උපන්දිනය සැමරීමට ඉතාලියට පැමිණ සිටියා.
ඒ ඇගේ පෙම්වතා වන 28 හැවිරිදි හිටපු පාපන්දු ක්‍රීඩක අකීම් මොරිස් මෙන්ම ඇගේ දියණියන් වන 19 හැවිරිදි මර්සි සහ 28 හැවිරිදි ලූර්ඩ්ස් සමඟින්.
ඒ අනුව ඇගේ උපන්දිනය සැමරුවේ පැලියෝ තුරඟ තරඟය නැරඹීමේ දිගුකාලීන සිහිනයක් සැබෑ කර ගැනීම සඳහා ඉතාලියේ සියෙනා වෙත යාමෙන්.
ඇයගේ උපන්දින කේක් එක මේ වනවා විට පැමිණ සිටි අයගේ වගේම ලෝකයේම අවදානයට ලක් වී තිබෙනවා.
ඒ “Happy birthday Madudu.” වචන සහිත දැවැන්ත රෝස පැහැති ලබුබු කේක් එක හේතුවෙන්.


