ඉතාලියේ කිර්ගිස් කන්ද තරණය කරමින් සිටිය දී කකුල කැඩී ගිය රුසියානු ජාතිකයෙකු බේරා ගැනීමට උත්සාහ කරමින් සිටි ඉතාලි කඳු නගින්නෙකු ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.
ඔහු 49 හැවිරිදි මිලානී ජාතික ලූකා සිනිගග්ලියා ලෙසයි හඳුනාගෙන ඇත්තේ.
47 හැවිරිදි රුසියානු කඳු නගින්නියක් වන නටාලියා නගෝවිට්සිනා, ටියැන් ෂාන් කඳු වැටියේ උසම ස්ථානය වන කිර්ගිස්තානයේ පොබෙඩා කඳු මුදුනේ සිරවී සිට ඇත්තේ එම කන්දේ අවසන් ස්ථානය ළඟාවීමට පෙර ඇයට සිදු වූ හදිසි අනතුරකින් කකුලට හානි වීම හේතුවෙන්.
එම අවස්ථාවේ දී ඇයව බේරා ගැනීමට ඉදිරිපත් වූ ඉතාලි ජාතික මිලානී ජාතික ලූකා සිනිගග්ලියා පික් පොබෙඩා කන්ද මත දී සිදු වූ අනතුරකින් මියගිය බවට වාර්තා වනවා.