ඇල්ප්ස් කඳුකරයේ මවුන්ට් රෝසා කඳු මුදුනේදී ඉතාලි කඳු නගින්නන් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.
කැස්ටෝර් කඳු මුදුනේ සිදුවූ හදිසි අනතුරකින් පිරිමියෙකු සහ කාන්තාවක් වූ මෙම යුවළ මිය ගියගොස් සිටි බවයි වාර්තා වන්නේ.
වැලි ඩි අඕස්ටා කඳු ගලවා ගැනීමේ ඒකකය විසින් සවස් වරුවේදී ඔවුන්ගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.
ඒ හෙලිකොප්ටරයක් හරහා පියාසර කරමින් කළ මෙහෙයුමකින් අනතුරුවයි.
මියගිය යුවළගේ මළ සිරුරු චැම්පොලුක් වෙත ගෙන යන ලද අතර විමර්ශනය සර්වීනියා මූල්‍ය පොලිසිය විසින් මෙහෙයවනු ලබනවා.