Latest News

වසර 50කට පසු ඉතාලියේ සත්තු වත්තක ඉපදුණු අලුත් අමුත්තා

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වසර 50කට පසු ඉතාලියේ සිදු වූ පළමු ගොරිල්ලා උපත සිදුව තිබෙනවා.

ඒ අනුව බ්‍රින්ඩිසි පළාතේ ෆසානෝ සත්වෝද්‍යානයෙන් එම ගෝරිල්ලා පැටවා උපත ලැබූ බවයි වාර්තා වන්නේ.

මෙම අලුත් පැටවාගේ මව ටමනි “තාත්තා නසිබුගේ සෝදිසියෙන් සහ අතිමහත් ආදරයෙන් පැටියාව වැළඳගෙන ආරක්ෂා කරන බවයි සත්වෝද්‍යානය සහ සෆාරි උද්‍යානය Facebook සටහනක් තබමින් පවසා ඇත්තේ.

එමෙන්ම “මෙම උපත අද්විතීය සිදුවීමක් පමණක් නොව, වසර 50කට ආසන්න කාලයකදී ඉතාලියේ සිදු වූ පළමු අවස්ථාවයි. මෙම විශේෂය සංරක්ෂණය හා ආරක්ෂා කිරීම කරා යන මාවතේ බලාපොරොත්තුවේ ආලෝකයක්.” ලෙස ද එම Facebook සටහනේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

මේ අතර වසරකට පමණ පෙර, ලන්ඩන් සහ ප්‍රාග් සත්වෝද්‍යානවල මෙවැනිම වර්ගයේ ගෝරිල්ලා පැටවුන් දෙදෙනෙකු උපත ලැබූ බවට ද වාර්තා වනවා.

World News

Send your contact Details Today