2035 වසරේ යුරෝපයේ පෙට්‍රල් සහ ඩීසල් වාහන විකිණීම තහනම් කිරීම සම්බන්ධ EU නීතියට විරුද්ධ බව ජර්මනියේ Mercedes Benz සමාගම පවසනවා.
යුරෝපා සංගමයේ EU නීතියට අනුව 2035 වසරේ සිට නව රථවාහන අළෙවිය සදහා අවසර ලැබී ඇත්තේ කාබන් ඩයොක්සයිඩ් CO2 නිකුත් නොවන වාහන සඳහා පමණයි.
එහෙත් ජර්මනියේ Mercedes Benz සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Ola Källenius පවසන්නේ එම තීරණය මගින් ආර්ථිකයට හා කාර්මික ක්ෂේත්‍රයට විශාල හානියක් සිදු වන බවයි.
කාබන් ඩයොක්සයිඩ් CO2 නිකුත් නොවන වාහන වෙත මාරුවීම සිදුවියයුතු වුවත් පාරිභෝගික අවශ්‍යතාවය මත ක්‍රමවත්ව ඉදිරියට ඒය සිදුවිය යුතු බවයි ඔහු යෝජනා කරන්නේ.
මේ අතර චීනය පෙට්‍රල් සහ ඩීසල් වාහන විකිණීම සම්බන්දයෙන් මේ වනතෙක් අනිවාර්ය තහනමක් කර නොමැති අතර Electric වාහන මිලදී ගැනීම සදහා ගාස්තු සහ බදු වට්ටම් ලබා දෙමින් පාරිභෝගිකයින් දිරිගැන්වමින් සිටින බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් හයිබ්‍රිඩ්, පෙට්‍රල් සහ ඩීසල් වාහන තවමත් අවස්තාව ලබා දී තිබෙනවා.
ලන්ඩන්, ටෝකියෝ, බේජිං, බාර්සලෝනා, මැඩ්‍රිඩ් වැනි නගර Low Emission Zones හඳුන්වා දී ඇති අතර වායු දූෂණය කරන වාහන සඳහා අතිරේක ගාස්තු යෙදීමෙන් වාහන භාවිතය පාලනය කර තිබෙනවා.
මේ අතර BMW සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී Oliver Zipse ද මෙම තහනම සාධාරණ නොවන බව පවසමින් පෙන්වා දෙන්නේ කාර්මික ක්ෂේත්‍රය විශාල ලෙස අඩුවීමේ අවදානමක් ඇති බවයි.
කෙසේ වෙතත් EU තීරණය සම්බන්දයෙන් පාරිභෝගික අවශ්‍යතාවය මත ක්‍රමවත් මාරුවක් සිදු කිරීමට යෝජනා කරමින් ආර්ථික හා කාර්මික ස්ථාවරතාවය රැක ගැනීමට අවධානය යොමු කරන බවයි Mercedes Benz සහ BMW සමාගම් අවධාරණය කරන්නේ.