එළැඹෙන සැප්තැම්බර් මාසයේදී ඉතාලි වෘත්තීය සමිති ගුවන්, දුම්රිය සහ දේශීය පොදු ප්‍රවාහන සේවාවන්ට බලපාන වැඩවර්ජන ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව ඉතාලියට හා ඉන් පිටතට හෝ ඒ හරහා ගමන් කරන පුද්ගලයින්ට ලබන මාසයේදී ප්‍රධාන ප්‍රමාදයන් හෝ අවලංගු කිරීම් වලට මුහුණ දීමට සිදුවිය හැකි බවයි එම වෘත්තීය සමිති අනතුරු අඟවා ඇත්තේ.
ඉතාලියේ පොදු ප්‍රවාහන සේවාවන්ට බලපාන මෙම වැඩවර්ජන, බොහෝවිට සැප්තැම්බර් මුල් සතියේ ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බවයි වෘත්තීය සමිති විසින් ඉඟි පළකරන්නේ.
කෙසේවෙතත් මෙම වැඩවර්ජනය සිදුවන නිශ්චිත දිනයක් ඔවුන් විසින් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.