ඉතාලියේ, පොම්පෙයි පුරාවිද්‍යා උද්‍යානයෙන් ගල් කිහිපයක් සොරකම් කිරීමට උත්සාහ කළ බ්‍රිතාන්‍ය සංචාරකයෙකුට ඉතාලි බලධාරීන් විසින් දැඩි දඬුවමක් නියම කර තිබෙනවා.
ඒ උද්‍යාන ආරක්ෂක අංශයට එහි මාර්ගෝපදේශකයෙකු විසින් සවස සංචාරයක් අතරතුර “පදික වේදිකාවේ කොටස් අහුලා ගන්නා” විදේශිකයෙකු දුටු බවට වාර්තා කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව ස්කොට්ලන්තයේ 51 හැවිරිදි පුද්ගලයා පුරාණ රෝම භූමියෙන් ලබාගත් ගල් කැබලි පහක් සහ ගඩොල් එකක් අඩංගු බෑගයක් සමඟ අල්ලාගෙන තිබෙනවා.
උද්‍යානයෙන් පිටතදී, Villa dei Misteri EAV දුම්රිය ස්ථානය අසලදී, පොලිස් නිලධාරීන් විසින් සංචාරකයා අත්අඩංගුවට ගෙන තිබුණා.
සොරකම් කරන ලද භාණ්ඩ අත්අඩංගුවට ගෙන පුරාවිද්‍යා උද්‍යානයට ආපසු භාර දුන් නමුත් අදාළ බ්‍රිතාන්‍ය සංචාරකයාට බරපතල සොරකම් චෝදනාව මත යුරෝ 1,500 ක දඩයක් නියම කිරීමටයි ඉතාලි බලධාරීන් තීරණය කර ඇත්තේ.