දෙස් විදෙස් සංචාරකයන්ට ඉමහත් සෙත සලසමින් සති අන්තයේ “Ella Weekend Express” නමින් නව දුම්රිය අද (16) සිට ධාවනයට එක්වනවා.
ස්වභාවික සෞන්දර්යය විඳගනිමින් කොළඹ සිට බදුල්ල දක්වා දුම්රියෙන් ගමන් කිරීමට දෙස් විදෙස් සංචාරකයන්ගෙන් දැඩි ඉල්ලුමක් පවතිනවා.
ඒ අනුවයි “Ella Weekend Express” නමින් සති අන්තයේ නව දුම්රියක් ධාවනයට පියවර ගෙන තිබෙන්නේ.
අද (16) සිට සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 5.30ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ හෙට (17) සිට සෑම ඉරිදා දිනකම පස්වරු 1.45ට බදුල්ලෙන් කොළඹ කොටුව බලා මෙම දුම්රිය ධාවනය කෙරෙන බවයි ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසන්නේ.