Latest News

හිසකෙස් යොදා සැකසූ දන්තාලේපයක් නිසා ඔබට සිදුවන දේ ගැන නවතම අනාවරණයක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔබේ ම හිසකෙස්වලින් සාදන ලද දන්තාලේපයක් භාවිත කිරීමෙන් හානියට පත් දත් අලුත්වැඩියා කිරීමට සහ ආරක්ෂා කිරීමට උපකාරී වන බව පර්යේෂකයින් පිරිසක් පවසනවා.

කෙස්, සම සහ රෝම කූපවල ඇති ප්‍රෝටීනයක් වන කෙරටින්, එනමලය ශක්තිමත් කර මුල් අවධියේදී දත් දිරායාම වළක්වාගත හැකි බවයි ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි විද්‍යාඥයින් පිරිසක් සොයාගෙන ඇත්තේ.

කෙරටින්, කෙළවල ඇති ඛනිජ සමග ප්‍රතික්‍රියා කරන විට ස්වභාවික එනමලය මෙන් ආරක්ෂිත තට්ටුවක් සාදන බව ඔවුන්ගේ පර්යේෂණයෙන් හෙළිවුණා.

ඔවුන්ගේ අධ්‍යයනයේදී, විද්‍යාඥයින් රෝම කූපවලින් කෙරටින් ලබා ගත් බව Advanced Healthcare Materialsහි ප්‍රකාශයට පත් කරන ලද ලිපියක සඳහන් වනවා.

එමෙන්ම කෙරටින් දත් මතුපිටට යොදන විට සහ කෙළවල ස්වභාවිකව පවතින ඛනිජ සමග එකතු වී, එය ස්වභාවික එනමලයේ ව්‍යුහයට සහ ක්‍රියාකාරීත්වයට සමාන ස්ඵටිකයක් වැනි ව්‍යුහයක් නිර්මාණය කරන බව ඔවුන් සොයා ගෙන තිබෙනවා.

කාලයත් සමග මෙම ස්ඵටික ව්‍යුහය මත කැල්සියම් සහ ෆොස්ෆේට් බැඳෙන අතර, එය දත් වටා ආරක්ෂිත එනමල් වැනි තට්ටුවක් වර්ධනය වීමට උපකාරී වන බවයි පර්යේෂකයෝ පවසන්නේ.

ආම්ලික ආහාර සහ පාන වර්ග, දුර්වල මුඛ සනීපාරක්ෂාව සහ මහලු වීම යන කරුණු සියල්ල ම එනමල් ඛාදනය හා දිරායාමට දායක වන අතර එමගින් දන්ත සංවේදීතාව, වේදනාව සහ අවසානයේ දත් අහිමි වීම සිදු වනවා.

World News

Send your contact Details Today