Latest News

ඇලස්කාවේ ග්ලැසියර පිපිරීමක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇලස්කාවේ ග්ලැසියර පිපිරීමක් හේතුවෙන් ජූනෝ නගරයට ජලය ගලා ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ගංවතුර සදහා ඉදිකර ඇති බාධක හේතුවෙන් නගරය ජලයෙන් ආරක්ෂා වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඇලස්කාවේ ග්ලැසියරයකින් ජල රැල්ලක් ගලාගෙන ආවේ අඛණ්ඩව තුන්වන වසරටයි.

එය එරට ජූනෝ අගනුවර තර්ජනයක් වූ නමුත් ගංවතුර බාධක හේතුවෙන් නගරයට බලපෑමක් සිදුව නැහැ.

නගර  මධ්‍යයේ සිට සැතපුම් 10 ක් පමණ දුරින් පිරිහි ජූනෝහි බටහිර කොටසට සම්බන්ධ ග්ලැසියරයක මෙම පිපිරීම සිදුව තිබෙනවා.

පසුගිය වසරේ ද මෙවැනි ග්ලැසියර පිපිරීමක් හේතුවෙන් ජූනෝහි නිවාස 100කට වැඩි සංඛ්‍යාවක් ජලයෙන් යට වුණා.

දහසකට වැඩි පිරිසක් ඉන් බලපෑමට ලක් වුණා.

World News

Send your contact Details Today