Latest News

ට්‍රම්ප්ගේ බදු ගැන බ්‍රසීලය කට අරියි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් ජනපද පරිපාලනයෙන් එල්ල වන තීරුබදු අභියෝගයක් ලෙස ඔවුන් දකින නමුත් ඒ සමඟම වැඩි ව්‍යාපාර කිරීමට විශ්වාසවන්ත හවුල්කරුවන් සෙවීමට අවස්ථාවක් හිමිවන බව ඉන්දියාවේ බ්‍රසීල තානාපති සිදුකළ ප්‍රකාශයක් විදෙස් මාධ්‍ය වැඩි අවධානයක් දෙමින් වාර්තා කර තිබෙනවා.

අනපේක්ෂිත ඉහළ තීරුබදු පැනවීමෙන් පීඩාවිඳින නමුත් බ්‍රසීලය සිය රට මත පනවා ඇති තීරුබදු අවස්ථාවක් ලෙස සලකා කටයුතු කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම බදු අභියෝගවලට මුහුණදීමට නම් වඩාත් විශ්වාසදායී හවුල්කරුවන් සමග වෙළෙඳ ගනුදෙනු ශක්තිමත් කරගැනීම අත්‍යාවශ්‍ය බවයි ඔහු සඳහන් කරන්නේ.

බ්‍රසීලය මෙන්ම ඉන්දියාව ද අමෙරිකාවේ 50% ක තීරු බද්දක් සඳහා මුහුණ පා සිටින බව පෙන්වා දුන් තානාපතිවරයා පැවසුවේ, දෙරටේ නායකයින් අතර ඒ සම්බන්ධයෙන් ඉකුත්දා සිදුවූ සාකච්ඡා ඵලදායී වනු ඇතැයි විශ්වාස කරන බවයි.

World News

Send your contact Details Today