Latest News

න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාරයෙන් පසුවත් ඉරානය සතුව ඇති දෙයක් ගැන නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානය සතුව පොහොසත් කළ යුරේනියම් කිලෝ 400 ක් තවමත් ඇති බව ඊශ්‍රායල අගමැතිවරයා පවසනවා.

ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඊශ්‍රායලය හා අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලින් පසුව යුරේනියම් කිලෝ 400 කට වඩා වැඩි ප්‍රමාණයට සිදුවූයේ කුමක්ද යන්න තවමත් හෙළිව නැහැ.

සම්මුඛ සාකච්ඡාවකදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කළේ එම යුරේනියම් විනාශ වී නොමැති බව තමන් විශ්වාස කරන බවයි.

කෙසේ වෙතත් මෙම යුරේනියම් පරමාණු බෝම්බ නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් නොවන බව ඔහු කියා සිටියා.

පසුගිය ජුනි මාසයේදී ඊශ්‍රායලය ඉරානයට එරෙහිව දින 12 ක් යුද්ධයක් දියත් කළ අතර ඇමරිකාව සමඟ එක්ව ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බෝම්බ එල්ල කරනු ලැබුවා.

මෙම ප්‍රහාර හේතුවෙන් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන වසර ගණනාවක් පසුබෑමට ලක්ව ඇති බව නෙතන්යාහු පවසනවා.

World News

Send your contact Details Today