Latest News

පාකිස්තාන හමුදා ප්‍රධානියාගෙන් බරපතළ සහ ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානයේ ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ඇමරිකාවේ දී කළ ප්‍රකාශයක් මේ වන විට බරපතළ ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.

තම රට බිඳ වැටුණහොත්; එය ලෝකයෙන් අඩක් බිම හෙළනු ඇති බව පාකිස්තා හමුදා ප්‍රධානියා පවසා තිබුණේ තම රට න්‍යෂ්ටික බලය සහිත ජාතියක් බවට උදම් අනමින්.

එම ප්‍රකාශය සෘජුවම න්‍යෂ්ටික තර්ජනයක් ලෙස බොහෝ පාර්ශ්ව පවසනවා.

මුනීර්ගේ ප්‍රකාශය පැහැදිලිව මතු කෙරන ප්‍රශ්නයක් නම් පකිස්ථානයට එහි න්‍යෂ්ටික මිසයිල මගින් ලෝකය බිම හෙළීමට සැබවින්ම හැකියාව තිබේ ද යන්නයි.

ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයේ (SIPRI) 2025 වාර්ෂික වාර්තාවට අනුව, පාකිස්ථානය සතුව න්‍යෂ්ටික යුධ හිස් 170ක් තිබෙනවා.

පකිස්තානයේ න්‍යෂ්ටික මූලධර්මය යුධ පිටියේ භාවිතය සඳහා නිර්මාණය කර ඇති කෙටි දුර උපායික න්‍යෂ්ටික අවි කෙරෙහි දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

පාකිස්තානය ලෝකයෙන් අඩක් විනාශ කරන බව මුනීර් පැවසුව ද න්‍යෂ්ටික අවි විශ්ලේෂකයින් පවසන්නේ පාකිස්තානයේ න්‍යෂ්ටික අවි කෙටි දුර ඒවා බැවින් එවැනි ප්‍රහාරක හැකියාවක් නොමැති බවයි.<

පකිස්තානයේ දිගම දුර මිසයිලයට නැගෙනහිර ආසියාවට, යුරෝපයේ බටහිරට හෝ උතුරු ඇමරිකාවට පවා ළඟා විය නොහැකි බව සඳහන්.

World News

Send your contact Details Today