දිල්ලි හා තදාසන්න ප්‍රදේශවල සියලුම වීදි සුනඛයින් සත්ත්ව සුරැකුම් මධ්‍යස්ථානවලට යොමු කිරීමට කටයුතු කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය බලධාරීන්ට නියෝග කර තිබෙනවා.
ඒ සඳහා ඔවුන්ට සති 8ක කාලයක් ලබාදී තිබෙනවා.
වීදි සුනඛයින්ගේ සපා කෑම් හේතුවෙන් ජලභිතීකා රෝගය ව්‍යාප්ත වීම ඉහළ යාමත් සමඟයි අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කිරීමට පියවර ගෙන ඇත්තේ.
දිල්ලියේ වීදි සුනඛයින් ග්‍රහණය මිලියනයක් පමණ වන බවට ගණන් බලා ඇති අතර නොයිඩා, ගයිසාබාත් හා ගුරුග්‍රම් යන තදාසන්න ප්‍රදේශයන් හි ද වීදි සුනඛ ග්‍රහණය ඉහළ අගයක් ගන්නා බව සඳහන්.
ලොවපුරා ජලභීතිකා රෝගය හේතුවෙන් සිදුවන මරණ අතුරින් 36%ක් පමණ ඉන්දියාවේ සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවල දැක්වෙනවා.
සුනඛයින් 5,000ක් වත් රැදවිය හැකි පහසුකම්වලින් සමන්විත සුරැකුම් මධ්‍යස්ථාන ඉදිකිරීමටද අධිකරණය නියෝග ලබාදී තිබෙනවා.