දකුණු යුරෝපය පුරා ලැව්ගිනි පැතිර යාම හේතුවෙන් කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා තිබෙනවා.
දකුණු යුරෝපයේ සමහර ප්‍රදේශවල ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
දහස් ගණනක් ජනතාව තම නිවෙස්වලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය සහ බෝල්කන් ප්‍රදේශවලට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවද වාර්තා වනවා.
උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට වඩා ඉහළ යන විට සෞඛ්‍යයට සැලකිය යුතු අවදානම් ඇති බවට වෛද්‍ය අංශ අනතුරු අඟවනවා.
ස්පාඤ්ඤයේ කාලගුණ සේවය වන ඒමෙට් පැවසුවේ සෙවිල් සහ කෝර්ඩෝබා හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 දක්වා ළඟා විය හැකි බවයි.
දකුණු පෘතුගාලයේ ද සෙල්සියස් අංශක 44 දක්වා උෂ්ණත්වය ළඟා විය හැකි බව සඳහන් කර තිබෙනවා.