Latest News

පෘථිවියටත් වඩා පැරණි උල්කාපාතයක් අමෙරිකාවේ ගෙදරකට වැටෙයි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා එක්සත් ජනපදයේ මැක්ඩොනොෆ්හි නිවසක් මතට ජුනි 26 වැනි දා කඩා වැටුණු උල්කාපාතය, පෘථිවියට වඩා පැරණි එකක් බව විද්‍යාඥයින් පවසා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අදාළ දිනයේ දී පුපුරා යාමට පෙර එම ආකාශ වස්තුව දහවල් කාලයේ දී ජෝර්ජියා අහසේ දැකගන්නට හැකි වූ බව නාසා ආයතනය තහවුරු කරඇති බවයි.

මේ අතර ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් මැක්ඩොනොෆ් නගරයේ නිවසක වහලය සිදුරු කළ මෙම පාෂාණ කැබැල්ලක් පරීක්ෂා කර තිබූ අතර ඔවුන් සඳහන් කර තිබුණේ, උල්කාපාත වර්ගය මත පදනම්ව, එය වසර බිලියන 4.56 කට පෙර නිර්මාණය වී ඇති බවට අපේක්ෂා කරන බවයි.

එසේ ම එය පෘථිවියට වඩා දළ වශයෙන් වසර මිලියන 20ක් පැරණි බවත් ඔවුන් සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

World News

Send your contact Details Today