Latest News

කාසියක තරම් ප්‍රමාණයේ වවුල් විශේෂයක් ප්‍රථම වරට සොයා ගැනෙයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවේ පහත් තෙත් බිම් වනාන්තර තුළ තර්ජනයට ලක් වූ microbat විශේෂයක් ප්‍රථම වරට සොයාගෙන තිබෙනවා.

ඒ අනුව New South Wales හි ඉල්ලවරා (Illawarra) දේශගුණික විපර්යාස දෙපාර්තමේන්තුවේ පර්යේෂකයින් පවසන්නේ මෙම ප්‍රභේදය New South Wales හි වොලොන්ගොන්ග් (Wollongong) නගරය දක්වා ව්‍යාප්ත වී ඇති බවයි.

මෙම වවුලන් 40g ක පමණ බරින් යුක්ත වන අතර විශාලත්වය ශත 20 ක කාසියක තරම් වනවා.

දෙපාර්තමේන්තුවේ වෛද්‍ය බෙත් මොට් (Beth Mott) පවසන්නේ, Yallah සහ South Nowra ප්‍රදේශවල සිදුකළ රාත්‍රි සමීක්ෂණවලදී මෙවැනි වවුලන් 8 දෙනෙකු සොයා ගත් බවයි.

අවදානමට ලක්විය හැකි තවත් ක්ෂුද්‍ර වවුලන් විශේෂ කිහිපයක් මෙම ප්‍රදේශයේ රැඳී සිටිනු ඇතැයි අපේක්ෂා කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

World News

Send your contact Details Today