Latest News

ශ්‍රී ලංකාවේ පිරිමින් අතර දෙවැනියට වැඩිම පිළිකා රෝගීන් පිරිසක් ගැන භයානක අනාවරණයක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ පෙනහළු පිළිකා සීඝ්‍ර ලෙස වර්ධනය වීමක් පෙන්නුම් කරන බව වැලිසර ජාතික ළය රෝහලෙහි විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් සඳහන් කළේ වසරකට පෙනහළු රෝගීන් 2,000 – 3,000ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවයි.

මෙහිදී අදහස් දක්වමින් ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ පිරිමි පුද්ගලයින් අතරේ ගත් විට දෙවැනි වැඩිම පිළිකාව බවට පත්ව ඇත්තේද මෙම පෙනහළු පිළිකා බවයි.

මෙහිදී අදහස්  දැක්වූ  වෛද්‍ය සමන් ඉද්දමල්ගොඩ මහතා…

“මේ පෙනහළු පිළිකාවට ප්‍රධානම කාරණයක් තමයි දුම්පානය. ඒ වගේම තමයි වර්තමානයේ සමීක්ෂණ වාර්තා අනුව අපි හොයාගෙන තියෙනවා කිසිම දවසක දුම්පානය නොකර සිටින පුද්ගලයින්ද පෙනහළු පිළිකාවට ගොදුරු වෙලා තියෙනවා. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වය දුම් පානයට සෘජුව සම්බන්ධ නොවන පුද්ගලයින්ගේ පෙනහළු පිළිකා වර්ධනයකුත් දක්නට ලැබෙනවා. ඒකට සෘජු සම්බන්ධතාවයක් තියෙන්න පුළුවන් අපිට වාතාශයේ තියෙන වායු දුෂණය කියන කාරණා සහ ගෙවල්වල තියෙන වායු දූශක කාරක.”

World News

Send your contact Details Today