රටවල් සියයකට අධික ප්‍රමාණයක් ලෝක ප්ලාස්ටික් දූෂණය අවසන් කිරීමේ අරමුණු සහිත ගිවිසුමක් සඳහා පවත්වන අවසාන සාකච්ඡා වටයන් මේ දිනවලදී පැවැත්වෙනවා.
The Lancet නමින් ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවෙන් පසුගියදා නිකුත් කළ අනතුරු ඇඟවීමේ වාර්තාවක සඳහන් වුණේ ප්ලාස්ටික්, මනුෂ්‍ය සෞඛ්‍යයට සහ පෘථිවියට දැඩි තර්ජනයක් ඇතිවී ඇති බවයි.
වාර්තාව අනුව, 1950දී ලෝකය නිෂ්පාදනය කළ ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් මිලියන 2ක් වුවද, එය අද වන විට ටොන් මිලියන 475ක් වන අතර 2060 දී එය තුන් ගුණයකින් වැඩිවෙන බව සඳහන්.
ඉදිරියේදී ගිවිසුමට එකඟ වන රටවල් සදහා, ප්ලාස්ටික් නිෂ්පාදනය සීමා කිරීම, හානිකර ප්ලාස්ටික් රසායන තහනම් කිරීම, සහ වියදම් අඩු රටවල් සඳහා ආධාර සැපයීම වැනි පහසුකම් සලසන බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් අමෙරිකාව සහ ප්ලාස්ටික් නිෂ්පාදනය කරනු ලබන ප්රමුඛ රටවල් මෙම සීමා කිරීමේ උත්සාහයන්ට විරුද්ධ වී ඇති අතර ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයෙන් පමණක් මෙම ගැටලුව විසඳාගත නොහැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ.