Latest News

මහනුවර පෙරහර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය සුබ මොහොතින් සිදු කරයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැරින් පසුව සිදුවන දිය කැපීමේ චාරිත්‍රය අද (09) පෙරවරුවේ ගැටඹේ මහවැලි ගංතොටේ දී සිදු කෙරුණා.

අවසන් මහා රන්දෝලි පෙරහැර වීථි සංචාරයෙන් පසු පෙරහැර කරඬුව අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කොට නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම සිව් මහා දේවාල පෙරහැර ගැටඹේ මහවැලි ගංතොට වෙත ගොස් අලුයම් කාලයේ දිය කැපීමේ චාරිත්‍රය සිදුකරනු ලබනවා.

මෙම චාරිත්‍රය සිදුවන වේලාවේ ගැටඹේ මහවැලි ගංතොට ප්‍රදේශයට අති විශාල ජනතාවක් සහභාගී වී සිටි බවයි WESL News මහනුවර වාර්තාකරු සඳහන් කළේ.

දිය කැපීමේ චාරිත්‍රයෙන් අනතුරුව එම පෙරහැර නැවත මහනුවර පුල්ලෙයාර් කෝවිල වෙත පැමිණ ආගමික චාරිත්‍ර සිදුකරනු ලබනවා.

ඉන් අනතුරුව අස්ගිරි ගෙඩිගේ මහා විහාරයෙන් පස්වරු 02 පසුව විනාඩි 16 ට එළඹෙන සුභ මොහොතින් දවල් පෙරහැර ආරම්භ වන අතර, පෙරහැර ඉතා සාර්ථකව නිමකළ බවට ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිතුමා හට පෙරහැර සංදේශය භාරදීමෙන් පසු මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පවත්වනවා.

World News

Send your contact Details Today