Latest News

ගුවන් යානයක් කඩා වැටීමෙන් 06 දෙනෙකුට දිවි අහිමි වෙයි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කෙන්යාවේ වෛද්‍ය ආධාර සපයන ගුවන් යානයක් කඩාවැටී සිදු වූ අනතුරකින් 06 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට අගනුවර වන නයිරෝබි අසල නේවාසික ප්‍රදේශයකටයි මෙම යානය කඩා වැටී ඇත්තේ.

එරට වේලාවෙන් ඊයේ (07) පස්වරු 2:17ට විල්සන් ගුවන්තොටුපොළෙන් පිටත්ව ඇති මධ්‍යම ප්‍රමාණයේ ජෙට් යානයක් වූ මෙම යානය, සෝමාලිලන්තය බලා පියාසර කරමින් තිබියදියි පස්වරු 3 ට පමණ අනතුරට ලක්ව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ නියමුවා ඇතුළුව පුද්ගලයින් සිවුදෙනෙක් යානයේ සිට ඇති අතර, ඔවුන් සියලු දෙනාම අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

සෙසු මියගිය දෙදෙනා යානය කඩා වැටෙන අවස්ථාවේ නේවාසික ප්‍රදේශයේ සිටි අය බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today