Latest News

ගෝලීය සැපයුම් දාමයට ද බලපෑමක් කරන දෙයකට ට්‍රම්ප්ගෙන් 100%ක බද්දක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් ජනපද නිෂ්පාදන ඉහළ නැංවීමේ අරමුණින් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විදේශයන්හි නිෂ්පාදිත පරිගණක චිප් සඳහා 100%ක බද්දක් අය කිරීමට සූදානම් වනවා.

විශේෂයෙන් තායිවානයෙන් ලැබෙන නිෂ්පාදන සඳහා මෙම බද්ද අය කරන බවයි ධවල මන්දිර වාර්තා පවසන්නේ.

තාක්ෂණික සමාගම් විදේශයන්හි නොව එක්සත් ජනපදය තුලම නිෂ්පාදනය කිරීම මෙහි අරමුණයි.

මෙම පියවරෙන් ඉලෙක්ට්‍රොනික නිෂ්පාදනවල පිරිවැය ඉහළ නැංවෙන අතර එය පාරිභෝගිකයන්ට මෙන්ම ව්‍යාපාරිකයින්ට ද බලපානු ඇති.

තීරුබදු ගෙවනු ලබන්නේ ආනයනයකරු විසින් බැවින් එය වෙළඳ ආතතින්ට මෙන්ම ගෝලීය සැපයුම් දාමයටද බලපෑම් කරන බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

World News

Send your contact Details Today