Latest News

එක්සත් රාජධානියට යන්න බලාපොරොත්තුවෙන් සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් රාජධානියේ චෙවෙනිං ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර තිබෙන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා උනන්දුවක් දක්වන සිසුන්ට තම අයදුම්පත් ඉදිරිපත් කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

ඒ අනුව අයදුම්පත් 2025 ඔක්තෝබර් 07 වන දින දක්වා භාර ගැනෙනු ඇති.

චෙවෙනිං ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් එක්සත් රාජධානියේ ඕනෑම විශ්වවිද්‍යාලයක ඕනෑම ශාස්ත්‍රපති පාඨමාලාවක් හැදෑරීම සඳහා පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව පිරිනැමෙනවා.

වැඩි විස්තර සඳහා, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිල වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.

World News

Send your contact Details Today