Latest News

වසර 80කට පසුව ප්‍රංශය බිහුසුණු ලැව්ගිනිවලට මුහුණ දෙයි (VIDEO)

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රංශයේ ඕඩ් කලාපයේ මේ වන විට බිහිසුණු ලැව්ගිනි තත්ත්වයක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ නුව වසර 80කට ආසන්න කාලයකට පසු ප්‍රංශයේ හටගත් විශාලතම ලැව්ගින්න මෙය බව සඳහන්.

ගින්න පාලනය කිරීම සඳහා ප්‍රංශ ගිනි නිවන භටයින් දැඩි උත්සාහයක යෙදුණද, දකුණුදිග ඕඩ් කලාපයේ ගින්න විශාල ප්‍රදේශයක් පුරා පැතිර ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

වනාන්තර සහ ගම්මාන හරහා ගින්න ඉතා වේගයෙන් පැතිර යන අතර, අවම වශයෙන් නිවාස 25ක් ගිනිබත්ව ඇති බව ප්‍රංශ බලධාරීන් විශ්වාස කරනවා.

මේ අතර, Perpignan නගරයට කිලෝමීටර් 30ක් පමණ දුරින් පිහිටි ශාන්ත ලෝරන්ට් ඩි ලා කැබ්‍රෙරිස් ගම්මානයේ එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

ගින්න මේ වන විට පැරිසියට වඩා විශාල ප්‍රදේශයක් පුරා පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තාවන්හි දැක්වෙනවා.

ඒ හේතුවෙන්, පදිංචිකරුවන්ට සහ සංචාරකයින්ට හැකි ඉක්මනින් එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙසයි බලධාරීන් උපදෙස් දී ඇත්තේ.

ප්‍රංශය මෙවැනි බිහිසුණු ලැව්ගින්නකට මුහුණදුන් අවසන් අවස්ථාව 1949 වසරේදී වාර්තා වී තිබෙනවා.

World News

Send your contact Details Today