Latest News

ශක්තිජනක පානයන් නිසා සෞඛ්‍ය අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වෙළඳපළේ ඇති ජනප්‍රිය Energy Drinks වල විටමින් B6 අධික ලෙස අඩංගු බවට වෛද්‍යවරුන් අනතුරු අඟවනවා.

විටමින් B6 යනු පුද්ගලයින්ගේ දෛනික ආහාරයන්ගෙන් ලැබෙන සාමාන්‍ය විටමින් වර්ගයක් වන අතර පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය වන්නේ විටමින් B6 මිලිග්‍රෑම් 1.3 ත් 1.7 ත් අතර ප්‍රමාණයක්

නමුත් මේ වන විට වෙළදපලේ දක්නට ඇති බොහොමයක් Energy Drinks වල විටමින් B6 මිලිග්‍රෑම් 5ක් පමණ අඩංගු වන බව විශේෂඥයින් පෙන්වා දෙනවා.

මෙම වසරේ ජනවාරි සිට B6 අධික පරිභෝජනය හේතුවෙන් ස්නායු රෝග හෝ වෙනත් සෞඛ්‍ය ගැටළු ඇති වූවන් 2,700ක් වාර්තා වී ඇති බව පරීක්ෂණාගාර මගින් තහවුරු වනවා.

තවද Vitamin Supplements, Protein Powder, සහ Fortified Food භාවිතා කරන පුද්ලගයින් Energy Drinks ගැනීම තුළින් විටමින් B6 අධික මාත්‍රාවක් ශරීරගත වන බවයි වෛද්‍ය Terri-Lynne සඳහන් කරන්නේ.

තවද නොමඟ යවන අලෙවිකරණය හේතුවෙන් බොහෝ දෙනා නොදැනුවත්වම විටමින් අධික මාත්‍රාවක් ලබාගන්නා බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

World News

Send your contact Details Today