Latest News

තුවක්කුකරුවන් පිරිසක් විසින් පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් එකවර පැහැර ගැනීමක් වාර්තා වෙයි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වයඹදිග නයිජීරියාවේ තුවක්කුකරුවන් පිරිසක් විසින් පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් පැහැරගෙන ගොස් තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව පසුගිය සිකුරාදා මෙම සමූහ පැහැරගැනීම සිදුව තිබෙනවා.

වයඹදිග නයිජීරියාවේ සැම්ෆාරා ප්‍රාන්තයේයි මෙය සිදුව තිබෙන්නේ.

නයිජීරියාවේ උතුරුදිග ප්‍රදේශයේ අපරාධ කල්ලි මුල් බැස ගැනීමත් සමඟ මෙය ප්‍රබල තර්ජනයක් එල්ල කර තිබෙනවා.

මීට පෙරද වයඹදිග නයිජීරියාවේ සමූහ පැහැරගැනීමකදී 50 කට වැඩි පිරිසක් පැහැරගැනීමකට ලක්වුණා.

“සන්නද්ධ කොල්ලකරුවන්” සබොන් ගරින් ඩම්රි ගම්මානය ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක්ද එල්ල කර ඇති බව වාර්තා වනවා.

එම ග්‍රාමීය ප්‍රදේශවල පදිංචිකරුවන් කප්පම් සඳහා පැහැරගෙන යාම, ගම්මාන කොල්ලකෑම හා බදු ඉල්ලා සිදු කෙරෙන තර්ජන හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දිගු කලක සිට පීඩා විඳිනවා.

World News

Send your contact Details Today