විශේෂ වෛද්‍යමය අයිස්ක්‍රීම් වර්ගයක් නිපදවීමට Van Diemens Land Creamery සමාගම සහ Calvary සෞඛ්‍ය සේවා ආයතනය සමත් වී තිබෙනවා.
ඒ අනුව සහන සත්කාර වෙත යොමු වන රෝගීන් සඳහා මෙම අයිස්ක්‍රීම් වර්ගය නිෂ්පාදනය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙය සාමාන්‍ය අයිස්ක්‍රීම් කාණ්ඩයක් නොවන අතර වටිනා පෝෂණගුණ සහිත, ප්‍රෝටීන වලින්ද සපිරි නිෂ්පාදනයක් වනවා.
වෛද්‍ය උපදේශන යටතේ පමණක් භාවිතයට මෙය නිර්දේශ කරනු ලබන අතර Vitamin D3 සහ Vitamin B12 ද අඩංගු වනවා.
මෙම ව්‍යාපෘතිය ආරම්භ වී ඇත්තේ Calvary රෝහල්වල පෝෂණ නිලධාරීන් විසින් ඉදිරිපත් කළ ගැටලුවක් වූ ආහාර අඩු වීමෙන් සහ පෝෂණ ඌණතා හේතුවෙන් පීඩාවට පත් රෝගීන්ට උපකාරී වීමටයි.
සාමාන්‍ය පුද්ගලයෙකුට මෙම නව අයිස්ක්‍රීම් වර්ගය ආහාරයට ගැනීමෙන් හානියක් නොමැති නමුත් දරුවන් හෝ විශේෂ රෝගීන් සඳහා එහි ඇති ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි බවයි නිශ්පාදකයින් පෙන්වා දෙන්නේ.