Latest News

ඇෆ්ගන් සරණාගතයින් මිලියනයකට පාකිස්තාන රජයෙන් විශේෂ නියෝගයක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානය තුළ නීත්‍යනුකූලව වෙසෙන ඇෆ්ගනිස්ථාන සරණාගතයින් මිලියනයකට රටින් පිටවන ලෙස පාකිස්තාන ෆෙඩරල් රජය නියෝග කර තිබෙනවා.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ ජුනි 30 වැනිදා වන විට සිය ස්ථීර ලියාපදිංචිය කල් ඉකුත් වී ඇති සරණාගතයින් පාකිස්තානය තුළ වාසය කිරීම අපරාධමය වරදක් බවයි.

නව තීරණයත් සමඟ දශක කිහිපයක් පාකිස්ථානයේ වාසය කළ ඇෆ්ගන් ප්‍රජාව දැඩි ගැටලුවකට මුහුණ දී සිටිනවා.

මෙම වර්ධනය පිළිබඳ පාකිස්තානයේ UNHCR දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.

බලහත්කාරයෙන් ඔවුන් රටින් පිටත් කර හැරීම ජාත්‍යන්තර නීතිමය මූලධර්ම උල්ලංඝනය කිරීමක් බවයි එක්සත් ජාතීන්ගේ ආයතනය අනතුරු අඟවන්නේ.

World News

Send your contact Details Today