Latest News

සූට්කේස් එක ඇතුළේ බබෙක් ගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිය ගමන් මල්ලේ අවුරුදු දෙකක දරුවෙක් දමාගෙන බසයක රැගෙන ගිය කාන්තාවක් නවසීලන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

27 හැවිරිදි අදාළ කාන්තාව සිය ගමන් මල්ල, බසයේ ගමන් මලු තබන කො⁣ටසේ තැබීමට යන අවස්ථාවේ රියදුරු එය සෙලෙවෙන බව දැක ඇතැයි නවසීලන්ත පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඒ අනුව ගමන් මල්ල විවෘත කර බැලීමේ දී අවුරුදු 02ක පමණ දැරියක් ඒ තුළ සිටිනු දැක පොලිසිය දැනුම්වත් කර තිබෙනවා.

හිංසාකාරී ලෙස සැලකීම සහ දරුවෙක් නොසලකා හැරීම යන චෝදනා යටතේ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ නමුත් කාන්තාව සහ දැරිය අතර සම්බන්ධය හෙළි කර නැහැ.

බැලූ බැල්මට දැරියට අනතුරක් නැතත්, ඇය රෝහල් ගත කර වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇතැයි නවසීලන්ත පොලිසිය පවසනවා.

World News

Send your contact Details Today