08 වැනි ලෝක යොවුන් මිහිකත රූ රැජින තරගාවලියට ( Miss Teen Earth ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහා මවිති පුන්සරණි මෙනවිය ඊයේ (2) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියා.
මෙම තරගාවලිය වයස අවුරුදු 20 ට අඩු ලෝකයේ රටවල් 25 ක යොවුන් රූ රැජිනියන් 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අද (03) සිට 09 වනදා දක්වා ඉන්දියාවේ ජායිපූර් හීදී පැවැත්වීමට නියමිතයි .
ඊයේ (2) රාත්‍රී 09.55 ට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 E – 1186 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය ඇය එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් ජායිපූර් බලා පිටත්ව ගොස් තිබෙනවා.
තවමත් 19 හැවිරිදි වියේ පසුවන මවිති පුන්සරණි නිරූපන ශිල්පිනියක වන අතර, යොවුන් මිහිකත රූ රැජින ශ්‍රී ලංකා තරගාවලියේ අධ්‍යක්ෂ සහ ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා මෙන්ම ඇයගේ දෙමාපියන් , නෑදෑ හිතවතුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇයට සුබපැතීමට පැමිණ සිටියා.


