Latest News

බිත්තර ගබඩා කරන වැරදි ක්‍රමයක් නිසා ඔබේ සෞඛ්‍යයටත් අනතුරක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බිත්තර සේදීමෙන් පසු ගබඩාකර තබාගැනීම පාරිභෝජනයට අහිතකර බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති පුලින රණසිංහ පවසනවා.

“බිත්තර කටුව කියන එක සම්පූර්ණයෙන්ම මුද්‍රා වෙච්ච් ආවරණයක් නෙමෙයි. එය ඉතා සියුම් සිදුරු සහිතව තිබෙන්නේ. මේ නිසා බිත්තර මතුපිට තිබෙන කුණු, දූවිලි සහ සතුන්ගේ අසූචි ජලයේ දියවෙලා බිත්තරය ඇතුළට ගමන්කරන්න පුළුවන්. බිත්තරය ඇතුළේ කවුරුත් දන්නවා ප්‍රෝටීන් බහුල මාධ්‍යක් තියෙන්නේ. ප්‍රෝටීන් බහුල මාධ්‍යට ක්ෂුද්‍ර ජීවීන් වැටුණ ගමන්, කඩිනමින් ඒක වර්ධනය වෙලා විෂ සහිත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා බිත්තර සේදුවාට පසු කාලයක් ගබඩාකර තබාගන්න බෑ.”

කෙසේ වෙතත් බිත්තර පාවිච්චි කරන අවස්ථාවේ සෝදා පාවිච්චි කිරීමේ දී මෙවැනි ගැටළුවක් ඇති නොවන බවයි සභාපතිවරයා පැවසුවේ.

මේ අතර එම සතුන්ගේ මළපහ අපද්‍රව්‍ය ගෑවුණු බිත්තර කිසිම අවස්ථාවක වෙළඳපොළේ අලෙවි කිරීමට අවස්ථාව නොදෙන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම බිත්තරය රතු සහ සුදු ලෙස කිසිඳු වෙනසක් නොමැති බවත්, එම බිත්තර වර්ග දෙකේම තිබෙන පෝෂ පදාර්ථ ප්‍රමාණය එක සමාන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති පුලින රණසිංහ පවසා සිටියේ.

World News

Send your contact Details Today