Latest News

අද සිට අමෙරිකාව විසින් ලෝකය අල්ලන්නේ මෙහෙමයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාව විසින් ලොව පුරා රටවල් රැසකට පැනවූ නව තීරුබදු අද සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

ලොව ප්‍රධාන පෙළේ රටවල් ඇතුළු ලෝක ආර්ථිකයට ඍජු බලපෑමක් කළ හැකි රටවල් සියල්ල ඉලක්ක කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම නව ආනයන තීරුබදු ප්‍රකාශයට පත් කළේ ලෝකයම මවිතයට පත් කරමින්.

පසුව දින 90ක කාලයකට එම තීරු බදු අත්හිටවූ අතර අද, එනම් අගෝස්තු පළමුවනදා සිට එම තීරුබදු ක්‍රියාත්මක වනු ඇති.

ඒ අනුව අමෙරිකාව විසින් ලෝකයේ රටවල් සඳහා පැනවූ නව තීරුබදු මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහි වැඩිම තීරු බද්දක් පනවා ඇත්තේ සිරියාවටයි.

එහි ප්‍රතිශතය සියයට 41ක්. ලාඕසය සහ මියන්මාරයට සියයට 40ක්ද ස්විට්සර්ලන්තයට සියයට 39ක්ද ඉරාකයට සහ සර්බියාවට සියයට 35ක බද්දක්ද පනවා තිබෙනවා.

ඇල්ජීරියාව, බොස්නියාව, ලිබියාව, සහ දකුණු අප්‍රිකාවට පනවා ඇති සියයට 30ක බදු මෙම ලැයිස්තුවට අනුව ඉහළම බදු පැනවූ රටවල් අතරට අයත්.

මෙහිදී වඩා වැදගත් වන්නේ කැනඩාවට පනවා තිබූ සියයට 25ක බද්ද සියයට 35ක් දක්වා වැඩි කර තිබීමයි.

නවතම තීරු බදු ලැයිස්තුවට අනුව ඉන්දියාවට සියයට 25ක බද්දක් පනවා තිබෙනවා.

පකිස්ථානයට, තායිලන්තයට, මැලේසියාවට, පිලිපීනයට සහ ඉන්දුනීසියාවට සියයට 19ක බද්දක්ද පනවා ඇති අතර ජපානයට සහ ඇෆ්ගනිස්ථානයට පනවා ඇති බද්ද සියයට 15ක්.

වියට්නාමය, තායිවානය සහ බංග්ලාදේශයට සියයට 20ක තීරු බදු පනවා තිබෙනවා.

නව තීරු බදු ලැයිස්තුවට අනුව කිසියම් රටකට පනවා ඇති වැඩිම තීරු බද්ද සියයට 41ක්.

අඩුම තීරු බද්ද සියයට 10ක්.

නවසීලන්තයට යුරෝපා සංගමයට ද සියයට 15ක බද්දක් පැනවීමටයි තීරණය කර ඇත්තේ.

රටවල්වලට පනවන ලද තීරුබදු ප්‍රතිශතයන් පහත පරිදි වනවා…

  • Angola: 32% to 15%
  • Bangladesh: 37% to 20%
  • Bosnia and Herzegovina: 35% to 30%
  • Botswana: 37% to 15%
  • Brunei: 24% to 25%
  • Cambodia: 49% to 19%
  • Cameroon: 11% to 15%
  • Chad: 13% to 15%
  • Côte d`Ivoire: 21% to 15%
  • Democratic Republic of the Congo: 11% to 15%Equatorial Guinea: 13% to 15%
  • European Union: 20% to 15% (for most goods)
  • Falkland Islands: 41% to 10%
  • Fiji: 32% to 15%
  • Guyana: 38% to 15%
  • India: 26% to 25%
  • Indonesia: 32% to 19%
  • Iraq: 39% to 35%
  • Israel: 17% to 15%
  • Japan: 24% to 15%
  • Jordan: 20% to 15%
  • Kazakhstan: 27% to 25%
  • Laos: 48% to 40%
  • Lesotho: 50% to 15%
  • Libya: 31% to 30%
  • Leichtenstein: 37% to 15%
  • Madagascar: 47% to 15%
  • Malawi: 17% to 15%
  • Malaysia: 24% to 19%
  • Mauritius: 40% to 15%
  • Moldova: 31% to 25%
  • Mozambique: 16% to 15%
  • Myanmar: 44% to 40%
  • Namibia: 21% to 15%
  • Nauru: 30% to 15%
  • Nigeria: 14% to 15%
  • North Macedonia: 33% to 15%
  • Pakistan: 29% to 19%
  • Philippines: 17% to 19%
  • Serbia: 37% to 35%
  • South Korea: 30% to 15%
  • Sri Lanka: 44% to 20%
  • Switzerland: 31% to 39%
  • Taiwan: 32% to 20%
  • Thailand: 36% to 19%
  • Tunisia: 28% to 25%
  • Vanuatu: 22% to 15%
  • Vietnam: 46% to 20%
  • Zambia: 17% to 15%
  • Zimbabwe: 18% to 15%

World News

Send your contact Details Today