Latest News

ගාසා තීරයේ දී මියගිය පලස්තීන වැසියන් සංඛ්‍යාව ගැන නවතම වාර්තාවකින් හෙළි වූ දේ

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයේදී පලස්තීනයට එරෙහිව ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වූ පලස්තීන වැසියන් සංඛ්‍යාව 60,000 ඉක්මවා ගොස් තිබෙන බව නවතම වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව 2023 වසරේ ඔක්තෝම්බර් ආරම්භ වූ මෙම යුධ ගැටුම් හේතුවෙන් පලස්තීන වැසියන් 60,034ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ නොවන්නේ නම්, සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ රැස්වීමේදී එක්සත් රාජධානිය පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව අගමැති සර් කීර් ස්ටාර්මර් නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය පවසනවා.

බ්‍රිතාන්‍ය අගමැති සර් කියර් ස්ටාර්මර් එක්සත් රාජධානියේ කැබිනට් මණ්ඩලයට මේ බව පවසා තිබෙනවා.

මේ අතර බටහිර ඉවුරේ ඈඳා ගැනීමක් සිදු නොවන බව ඊශ්‍රායලය පැහැදිලි කළ යුතු බවයි ස්ටාර්මර් අවධාරණය කර ඇත්තේ.

අදාළ සටන් විරාමය පිළිගැනීමේ කාලය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට පෙර (UNGA) සිදුවිය යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

World News

Send your contact Details Today