රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් මේ වනවිට ඇලෙස්කාව සහ අමෙරිකාවට අයත් හවායි දූපත් වෙත සුනාමි රළ ඇතුළු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ වනවිට හවායි හි ඔආහු දූපතේ වෙරළ තීරයේ හලයිවාහි ජලමට්ටම අඩි 4කට වඩා ඉහළ ගොස් තිබෙන බවයි එම වාර්තා පවසන්නේ.
හවායි ප්‍රාන්තය, අලෙස්කාවේ ඇලූටියම් දූපත්වල ඇතැම් කොටස් සහ උතුරු කැලිෆෝනියාවේ කොටසක් මේ වනවිටත් සුනාමි අනතුරු ඇඟවීම් යටතේ පවතින අතර, වඩාත් දැඩි අනතුරු ඇඟවීම එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරයට නිකුත් කර තිබෙනවා.
සුනාමි රළ මේ වනවිටත් ඇලෙස්කාවට ඇතුළු වී ඇති අතර, හවායි දූපත්වලට ද සුනාමි රළ පැමිණීමට පටන් ගෙන තිබෙන බව ද විදෙස් වාර්තා සඳහන් කරනවා.
එක්සත් ජනපදයේ බටහිර ප්‍රදේශයේ සෙසු ප්‍රාන්තවලට ඉදිරි පැය කිහිපය තුළ සුනාමි රළ ඇතුළු විය හැකි බවට අපේක්ෂා කෙරෙනවා.
ඒ සඳහා ජනතාව මේ වනවිටත් සුදානමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කළා.
මේ අතර එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයෙන් ප්‍රදේශ කිහිපයකට සුනාමි රළ පැමිණීමේ වේලාවන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ ඔරිගන් සහ වොෂින්ටන් සඳහා එරට වේලාවෙන් රාත්‍රි 11.35ට, කැලිෆෝනියාවට රාත්‍රී 11.50ට පමණත් සැන්ෆැන්සිස්කෝ බොක්ක සහ ලොස් ඇන්ජලිස් වරායට අලුයම 12.40ට පමණක් සුනාමි රළ පැමිණෙනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.
රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපය ආසන්නයේ පැසිෆික් සාගරයේ සිදුවූ රික්ටර් මාපකයේ ඒකක 8.8ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනය හේතුවෙන් රුසියාවට සහ ජපානයට ද සුනාමි තත්ත්වයක් බලපා තිබෙනවා.
මෙය වාර්තාවන්නේ ඉතිහාසයේ හය වැනි විශාලතම භූකම්පනය ලෙසයි.
කෙසේ නමුත් අවදානම් කලාපවල වාසය කළ 2,000 ඉක්මවූ පිරිසක් ඒවායින් ඉවත්කිරීමට රුසියාව ඊට පෙර පියවර ගෙන තිබුණේ බලපෑ හැකි ජීවිත හානි අවම කරගැනීමේ අපේක්ෂාවෙන වනවා.
භූකම්පනයෙන් රුසියාවේ නැගෙනහිර කලාපීය නගරවල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වන නමුත් කිසිදු ජීවිත හානියක් මෙතෙක් වාර්තාවී නැහැ.