Latest News

ලොව ලස්සනම දූපත් අතරින් ශ්‍රී ලංකාවට පළමුතැන

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

“ලෝකයේ හොඳම දූපත් 50” ලැයිස්තුවේ ප්‍රමුඛ ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා.

ඒ ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන බිග් 7 ට්‍රැවල් විසින් කරන ලද සම්පාදනයක් අනුවයි.

ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රංශ පොලිනීසියාවේ මොරියා, ඉක්වදෝරයේ ගැලපගෝස් දූපත් සහ සීෂෙල්ස් වැනි සුප්‍රසිද්ධ දූපත් පාරාදීසයන් අභිබවමිනුයි ඉදිරියට පැමිණ තිබෙනවා.

Big 7 Travel ට අනුව, ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත්තේ එහි සංස්කෘතික උරුමයන්, විවිධ භූ දර්ශන, වනෝද්‍යාන සහ පිරිසිදු වෙරළ තීරයන් ආදිය සඳහායි.

මේ අනුව, 2025 වසරේ ලොව ඉහළම දූපත් 10 දෙනා පහත පරිදි වනවා…

  1. ශ්‍රී ලංකාව
  2. Mo’orea, ප්‍රංශ පොලිනීසියාව
  3. සොකොත්‍රා, යේමනය
  4. මැඩෙයිරා
  5. ගැලපගෝස්, ඉක්වදෝරය
  6. මහා එක්සුමා, බහමාස්
  7. සීෂෙල්ස්අචිල් දූපත, අයර්ලන්තය
  8. කෝ ලිප්, තායිලන්තය
  9. මිලෝස්, ග්‍රීසිය

World News

Send your contact Details Today