සුනාමි රළ පහරින් රුසියානු වරාය නගරයක් වන සෙවෙරෝ-කුරිල්ස්ක් ජලයෙන් යටව තිබෙනවා.
මේ හේතුවෙන් ගොඩනැගිලි කිහිපයක් ගසාගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එම ප්‍රදේශයේ 2,000ක පමණ පිරිසක් වෙසෙන බව සඳහන්.
මේ අතර රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇති වූ භූකම්පනයත් සමඟ උතුරු ජපානයේ ඇතැම් ප්‍රදේශවලට 30cm – 40cm අතර උදම් රළ එල්ල වී තිබෙනවා.
කෙසේවෙතත් මෙතෙක් කිසිඳු ජීවිත හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.