Latest News

තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයකට එයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයක් සඳහා එකඟ වූ බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු සඳහන් කළේ, දෙරටේ නායකයින් සමග පැවැත්වූ දුරකතන සංවාදවලදී ඒ පිළිබඳ එකඟතාවකට පැමිණි බවයි.

දෙරටේ නායකයින් නුදුරු දිනකදී හමුවීමටත් එහිදී එකඟතාවකට පැමිණ තිබෙනවා.

සටන් විරාමයකට එකඟ නොවුණහොත්, අතර සමග වෙළෙඳ ගිවිසුම් අත්හිටුවන බවට ද අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු ඇඟවීම් නිකුත් කළා.

තායිලන්ත – කාම්බෝජ ගැටුම් ආරම්භ වී අදට දින, 4 ක්.

ඒ හේතුවෙන් පුද්ගලයින් 33 දෙනෙකු මියගොස් තිබෙනවා.

මේ අතර තායිලන්ත – කාම්බෝජ දේශසීමා ගැටුම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (26) හදිසි රැස්වීමක් ද කැඳවා තිබුණා.

World News

Send your contact Details Today