Latest News

ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය, සිටි තැනින් ඉහළට

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ මෙවර ශ්‍රී ලංකාව තවත් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ එම දර්ශකයේ 96 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව තවත් 5ක් ඉදිරියට පැමිණෙමින්.

ඒ අනුව 2025 වසර සඳහා වන එම දර්ශකයේ ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 91වැනි ස්ථානයේයී.

ශ්‍රී ලංකාවට ලෝකයේ ගමනාන්ත 42කට වීසා රහිත ප්‍රවේශය පවතින බවද එහි සඳහන්.

හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය මෙම වසරේ රටවල් ශ්‍රේණිගත කරනු ලබන්නේ පූර්ව වීසා බලපත්‍රයක් නොමැතිව තම රටේ ජනතාවට ඇතුළුවිය හැකි ගමනාන්ත ගණන අනුවයි.

2025 හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ඉදිරියෙන්ම සිටින්නේ සිංගප්පූරුව වන අතර, අවසානයේම සිටින්නේ ඇෆ්ගනිස්ථානයයි.

World News

Send your contact Details Today