පසුගිය දින විලියම් කුමරු සහ හැරී කුමරුගේ ඥාති සහෝදරියක වන 20 හැවිරිදි රෝසි රොචේ හදිසියේ මියගොස් සිටියදී සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
මළ සිරුර අසල ගිනි අවියක් ද තිබී ඇති බවයි වාර්තා වන්නේ.
මෙය ඇය විසින්ම සිදු කරගත් සියදිවි නසා ගැනීමක් ලෙස හඳුනාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
ඩයනා කුමරියගේ මාමා වන එඩ්මන්ඩ් රොචේගේ මිනිබිරිය වන රොචේ පසුගිය ජූලි 14 වැනිදා විල්ට්ෂයර් හි මැල්ම්ස්බරි අසල නෝර්ටන් හි මෙලෙස ඇගේ නිවසේදී මිය ගොස් ඇති බවද සඳහන්.
ඇගේ මව සහ සහෝදරිය විසින් මළ සිරුර දැක තිබෙන බවයි පැවසෙන්නේ.
ඒ වන විටත් ගිනි අවියක් ඇගේ සිරුර ආසන්නයේ තිබී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා. “ද සන්” පුවත්පතට අනුව, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හදිසි මරණ පරීක්ෂක ග්‍රාන්ට් ඩේවිස් පවසා ඇත්තේ,“මරණය සැක සහිත නොවන බවත් තෙවන පාර්ශවයක සම්බන්ධයක් නොමැති බවට” අනාවරණය වී ඇති බවයි.
රෝසි මිය යන විට ඩර්හැම් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි බව සඳහන් වන අතර මරණයට හේතුව මෙතෙක් සඳහන් වී නැහැ.
ඇය වේල්ස් කුමරිය වන දිවංගත ඩයනාගේ මාමා වන ෆර්මෝයි හි අභාවප්‍රාප්ත 5 වන බාරොන්ගේ මිනිබිරිය බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
එම මරණය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු පවුලේ පිරිසේ සහභාගීත්වයෙන් පවත්වන බව සඳහන්.